විදෙස් රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයින් අසරණ වෙයි
ඩුබායි ඇතුලු මැදපෙරදිග රටවලට රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් රැසක් රැකියා නොලැබීමෙන් අපහසුතාවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.
එයට හේතුව වී ඇත්තේ මොවුන් සංචාරක වීසා මගින් විදෙස්ගත වීමයි.
එමෙන්ම ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ නිසි ක්‍රමවේදයන් යටතේ විදෙස් රැකියා සඳහා පිටත්ව නොයන්නේ නම් ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ වගකීමක් භාරගත නොහැකි බවයි.
මෙලෙස අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ ගතවූවන් රැකියා නොමැතිවීමෙන් අසරණභාවයට පත්ව ඇති අවස්ථා පිළිබඳව කාර්යාංශය වෙත ද තොරතුරු වාර්තා වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. එස්. යාපා ඉල්ලීමක් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව යන ලෙසයි.
මේ අතර ඩුබායි සහ ඕමාන රාජ්‍යවලට සංචාරක වීසා මත පුද්ගලයින් රැගෙන ගොස් අතරමං කරන ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගියදා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |