රට යන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක් - දැඩිව සැලකිලිමත්වන්න..!
Sri Lanka
By Sewvandhi
විදෙස් රැකියා සදහා පිටත්ව යන පුද්ගලයින්ට සංචාරක වීසා ඔස්සේ රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
එලෙස සඳහන් කිරීමට හේතුව වී ඇත්තේ බොහෝ පිරිසක් සංචාරක වීසා ඔස්සේ ගොස් රැකියා නොමැති නොමැති වී අසරණ වීමයි.
එනම් පිරිසක් එක්සත් අරාබි එමිර් සහ ඕමානයේ සංචාරක වීසා ඔස්සේ ගොස් රැකියා නොමැතිව අසරණ වී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කරනවා .
මෙම කරුණු හේතුවෙන් සංචාරක වීසා ඔස්සේ රැකියා සඳහා යන්නන් ලියාපදිංචියත් නතරකර ඇති බව ඔහු වැඩිදුරටත් දැනුම්දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |