පිරිසකගේ රට රැකියා සිහිනය බොදවන ලකුණු - රට රැකියා වලට යන වයස අවුරුදු 45ට අඩු අයට දැනුම්දීමක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 21, 2022 02:45 PM GMT
Report

රැකියා සඳහා විදේශ ගතවන වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් සඳහා තම බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව අනිවාර්යය බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය මේ වන විට ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා එමෙන්ම රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර මෙම කාන්තාවන් අතුරින්ද සැලකිය යුතු ප්‍රතිශතයක් මව්වරුන් වනවා.

  එමනිසා මව්වරුන් විදේශ ගතවූ පසු දරුවන්ගේ රැකවරණය හා අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බැවින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් වසර 2ට අඩු දරුවන් සිටින මව්වරුන් හට විදේශ ගතවීමට අවසර ලබා නොදෙන අතර, වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් සඳහා දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙය හුදෙක් විදේශගත වන මව්වරුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථකව සිදුකරලිම සඳහා ගනු ලැබු පියවරක්. තවද විදේශ සේවයේ නියුතු කාලසිමාව තුලදි දරුවන්ගේ වගකිම වෙනුවෙන් බැදි සිටිමට පෙනිසිටින පවුලේ සාමාජිකයන් හදුනාගැනිමත්, අමාත්‍යංශය හෝ කාර්යාංශ නිලධාරින්ගේ විශේෂිත මැදිහත්විමක් / සහනයක් අවශ්‍යයැයි හදුනාගනු ලබන පවුල් සඳහා එම සහනයන් වඩා එලදායි ලෙස ලබා දිම පිළිබඳව සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරිම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

  ඒ අනුව මින් ඉදිරියට විදේශ රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතුවන්නේ අවුරුදු 45ට අඩු කාන්තාවන් පමණක් වනවා . එහෙත් වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන් වයස අවුරුදු 2 හෝ ඊට වැඩි වයසැති දරුවන්ගේ රැකවරණය පිළිබඳව වන වැඩපිළිවෙල සඳහන් ස්වයං ප්‍රකාශයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වන අතර, ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ .

තවද, වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව ලබාගැනීම සඳහා ග්‍රාම නිළධාරී සහතිකය ලබාගැනීමේදී, තමා පදිංචි වසමේ ග්‍රාම නිළධාරීගෙන්ම ලබාගත යුතුයි යම් පුද්ගලයෙකු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති නම් දැනට තාවකාලිකව පදිංචි වසමෙන් අයදුම්පත ඉදිරිපත් කළ යුතු අතර, අවසන් වරට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව තිබූ වසමේ ග්‍රාම නිළධාරීගේ ලිපියක් සහිත අයදුම්පත ඉදිරිපත් කළ යුතු වනවා .

විදේශ රැකියාවක නිරතව සිට පැමිණ නැවත විදේශ ගතවන කාන්තාවන් හට පැමිණි දින සිට මාස 9ක් ඇතුලත විදේශ ගතවන්නේ නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමද අවශ්‍ය වන්නේ නැහැ මෙලෙස විදේශගත වීමට අවස්ථාව ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණි කාන්තාවන්ට පමණයි .

එමෙන්ම පැමිණි දින සිට මාස 9 ඉක්මවූ පසු නැවත විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන්නේ නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා . මෙම වාර්තාව ලබාගැනීමේදී පදිංචිය පිළිබඳව හෝ වෙනත් යම් ගැටළුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව සොයා බලා තීරණය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් වෙත බලය පැවරීම සිදුවන බවද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now