විදෙස් රැකියා සඳහා යන අයට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Nov 21, 2022 02:26 AM GMT
Report

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් 5,000කට වැඩි පිරිසක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගිය ඇතැම් පිරිස් සිය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් ලෙස සකස් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේ ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරම පිළිබඳව ප්‍රධාන රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කිරීමත් සමඟ මේ වන විට එම ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු සහ උප තැරැව්කරු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

කෙසේ වෙතත් දැනට ඩුබායි රාජ්‍ය වෙත ගොස් විවිධ සිද්ධීන් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන හරහා කටයුතු කරන බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now