විදෙස් බැංකුවකින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක මුදලක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Oct 28, 2022 12:29 AM GMT
Report

ශ්‍රී ලංකාව සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සැලසුම් කර තිබෙනවා.

බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සදහා එම බැංකුව සිය වාර්ෂික වාර්තාවෙන් ඒ පිළිබද අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව බහු පාර්ශවීය සංවර්ධන බැංකුවක් වනවා.

එහි මූලස්ථානය පිහිටා ඇත්තේ චීනයේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now