මියගිය වෛද්‍යවරයාගේ,සුපිරි නිවස අයිතිකර ගන්න ආ හය දෙනා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 12, 2022 04:25 PM GMT
Report

 මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන "වනාතේ ඕල්කට්" නැමැත්තාගේ පුංචි අම්මා ඇතුළු පිරිසක් මිය ගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ගෑමේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පිරිස සෙල්ලම් පිස්තෝලයක් රැගෙනගොස් එම නිවස තමන්ට අලෙවිකර ඇති බව පවසා නිවැසියන් ඉන් පළවාහැරීමට උත්සාහ කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

 එහිදී අදාළ වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිමවීමෙන් අනතුරුව ඔහුගේ පුත්‍රයා යළි විදෙස්ගතවීමෙන් අනතුරුව මෙම පිරිස එම නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. අනතුරුව නිවසේ සිටි පුද්ගලයින්ට ඉන් ඉවත්වන ලෙස තර්ජනය කරමින් පවසා ඇත්තේ වෛද්‍යවරයා විසින් එම නිවස ජීවත්ව සිටි කාලයේ ඔවුන්ට අලෙවිකළ බවය.

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා විසින් බලපත්‍රයක් මගින් මෙම නිවස සහ ඉඩම තමන් වෙත පවරා තිබූ බව එම වෛද්‍යවරයා බලාකියාගත් පුද්ගලයා ප්‍රකාශ කර ඇත.

විදෙස් රටක වාසය කරන වෛද්‍යවරයාගේ පුත්‍රයා ඉල්ලීමක් කරන අවස්ථාවක නැවත පවරාදීමකට යටත්ව එම බලපත්‍රය ලබාදුන් බවද නිවසේ සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය විසින් ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now