අඩු සීනි ආහාරපාන ගැන පළමු වරට ලොව ප්‍රමුඛතම සංවිධානයක් සිදු කළ අනාවරණය.

World Health Organization Healthy Food Recipes
By Wayomi Jul 14, 2023 10:04 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

ඇස්පාටෙම් නම් කෘත්‍රිම රස කාරකය හේතුවෙන් මිනිස් සිරුර තුළ පිළිකා කාරක සෛල වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (13) නිවේදනය කර තිබෙනවා.

අඩු සීනි පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සඳහා මෙම කෘත්‍රිම රසකාරකය භාවිත කරනු ලබනවා.

මෙන්ම ලොව ප්‍රමුඛතම සංවිධානයක් කෘත්‍රිම රස කාරකයක් සම්බන්ධයෙන් මෙවැනි කරුණක් නිවේදනය කළේ, පළමු වරට බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇස්පාටෙම් දශක ගණනාවක සිට ආහාර සහ පැණි බීම සඳහා භාවිත කළද, අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම මතය පිළිනොගනී.