වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්කයක පාසල් සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගනී..

Sri Lanka Army Sri Lanka Police Ministry of Education Sri Lanka Education
By Aruna May 11, 2023 02:43 AM GMT
Report

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පැහැර හැනීමට පිරිසක් උත්සාහ කරන බවට ලද තොරතුරක් සමඟ පාසල් ඉදිරිපිට සහ මංමාවත් අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේ පාසල් ළමයින් දෙදෙනා ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් රථය පලාගොස් තිබෙන බවයි.

මේ පිළිබඳව අදාළ පාසල් ළමයින්ගේ දෙමාපියන් විසින් පොලිසිය දැනුවත් කර ඇති අතර ඉන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ‍යොදා ඇත්තේ.

ඒ අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් ඉදිරිපිටට ද පොලිස් හා යුධ හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වේ.

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් දරුවන්ව දැනුවත් කර ඇත්තේ තනියම පාරේ ගමන් නොකරන කණ්ඩායම් වශයෙන් ගමන් ගන්නා ලෙසයි.

එමෙන්ම වැඩිහිටියෙකු සමඟ පාසලට පැමිණෙන ලෙස ද දරුවන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මන්නාරම් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now