ලොවම හඩවමින් පාපන්දු කණ්ඩායම් නායකයෙක් ජීවිතක්ෂයට..!

Football Thailand
By Sewvandhi Feb 15, 2023 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් පිරිසක් 2018 වසරේදී ගැඹුරු ලෙනක් තුළ අතරමංවීමේ සිද්ධියක් වාර්තා වුණා.ලොවම කැළඹවූ මෙම සිදුවීමට මුහුණ දුන්නේ,තායිලන්ත පිරිමි ළමුන් 12 දෙනෙකි. නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඔවුන් එම ලෙන තුළට ගොස් තිබු අතර සති දෙකකට පසුව ඔවුන්ව බේරා ගැනුණි.

එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ දුඅන්පෙට්ච් ප්රෝම්තේප් ය. ඔහු මීට වසරකට පමණ පසුව එක්සත් රාජධානියට ගොස් තිබුණේ වැඩිදුර පාපන්දු පුහුණුව සඳහා ය. ඔහු සම්බන්ධයෙන් ඉතා කනගාටුදායි පුවතක් අද (15) ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුනා.

ඒ ඔහුගේ මරණය සම්බන්ධයෙනි.පසුගිය සඳුදා ඔහුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට ඔහු නැවතී සිටි ස්ථානයේ පිරිස පියවර ගෙන තිබුණි. එහෙත් ඔහු අද මරණයට පත්වී තිබේ.

පිරිමි ළමුන් 12 දෙනා ගැඹුරු ලෙන තුළින් මුදා ගැනීමට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතුව අති භයානක මෙන්ම සංකීර්ණ ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබුණි. දරුවන් ලෙන තුළට ගියපසු ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී යනවාත් සමග දරුවන් ලෙනෙහි ගැඹුරට ගමන් කර තිබේ.

දැඩි අන්ධකාරය තුළින්, ඉතා පටු මාර්ග ඔස්සේ, ගැඹුරු ජලයේ කිමිදෙමින්, අඩ සිහියේ පසුවන දරුවන් රැගෙන ලෙනෙන් පිටතට පැමිණි අති දුෂ්කර ගමන ගැන එකල ලොවම දැඩි අවධානයක් යොමු කළ සිද්ධියක් විය.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now