ඕඩරේ ලබාදී වසර 43ක් ඔබේ ඉවසීම පරීක්ෂා කරන අමුතුම ආහාරය..

Japan Junk Food Fast Food
By Sewvandhi Jan 27, 2024 02:24 PM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බටහිර ජපානයේ අසහියා නම් ආහාර අලෙවිසැලක ආහාර ඇණවුම් පතේ ඇති ගව මස් යොදා පිළියෙළ කරන ශීතකළ 'කොබේ බිෆ් ක්‍රොකට්ස්' ඇණවුම් කළහොත් එම ආහාරය ඇණවුම් කරන්නාට තම ඇණවුම ලබා ගැනීමට වසර 43 ක කාලයක් බලා සිටීමට සිදුවෙන බවයි.

මෙය එතරම් මිලෙන් අධික නොවන 'කොබේ බිෆ් ක්‍රොකට්ස්' ජපානයේ ප්‍රියතම ආහාරයක්.

ඕඩරේ ලබාදී වසර 43ක් ඔබේ ඉවසීම පරීක්ෂා කරන අමුතුම ආහාරය.. | Food That Takes 43 Years To Order Japan

මෙම ආහාර අලෙවිසැල 1926 විවෘත කර ඇති අතර සිය පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ආහාර ලබාදීම පිළිබඳව එරට ප්‍රසිද්ධියක් උසුලනවා.

මීට වසර දෙකකට පෙර එම ආහාර අයිතමය ඇණවුම් කර එය ලැබෙන තෙක් බලා සිටිය යුතු කාලය වසර 30ක්ව තිබී ඇති අතර, මේ වන විට එය වසර 43 ක් දක්වා වැඩි වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

ඕඩරේ ලබාදී වසර 43ක් ඔබේ ඉවසීම පරීක්ෂා කරන අමුතුම ආහාරය.. | Food That Takes 43 Years To Order Japan