කොළඹ නගරයේ ආපනශාලා හා භෝජනාගාරවල ආහාර පරික්ෂාවකට ලක්වෙයි. - (VIDEO)

Colombo
By Gagana Apr 07, 2024 12:42 PM GMT
Report

කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහි පළමු පියවර කොළඹ කොටුව දුම්රිය පොළ අසල ඇති ආපනශාලා හා භෝජනාගාර පරික්ෂාවට ලක් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛදය කාර්යාල 06 ම ආවරණය කරමින් ක්‍රියාත්මක වුනු මෙම පරික්ෂාව සදහාඅ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50 ක් පමණ සහභාගී උනා.

එහි දී ආහාරයට නුසුදුසු ආහාර විනාශයට පත් කල අතර කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ආහාර අලෙවි කල වෙළදසැල් සලට එරෙහි ව නිත්මය පියවර ගනු ලැබුණි.

තව ද , පාරිභෝගික අධිකාරිය විසින් ජනතාවට පවසා ඇත්තේ ,මෙම ඉදිරි උත්සව සමයේ දී ආනයනික චොකලට් වර්ග ඇතුළු රස කැවිලි මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන ලෙස ය.

කල් ඉකුත් වීමට ආසන්න රස කැවිලි වල දින වෙනස කරමින් විකිනීමට තැත් කල පිටකොටුවේ වෙළදසැල් කිහිපයකට එරෙහි ව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.