නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

Sri Lankan Schools School Incident Latest Headlines Decision Making
By krishani Apr 20, 2024 05:49 PM GMT
Report

ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න. | Food For Schools

ඒ ලබන මැයි 19 වන දින නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835ක්, සන්ෆලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08ක්, රට ඉඳි මෙට්‍රික් ටොන්300ක් ද පාසල් වෙත බෙදා දීමට නියමිත බවයි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන ය.

සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර දිනපතා පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙනු ලබයි.

'නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිතය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වේ.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇත.

එමෙන්ම, ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේ දී ඊයේ (19) ආරම්භ කෙරිණ.

උසස් පෙළ සිසුන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - ඔබේ දරුවාගේ නමත් තියෙනව ද කියලා දැන්ම බලන්න..

උසස් පෙළ සිසුන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - ඔබේ දරුවාගේ නමත් තියෙනව ද කියලා දැන්ම බලන්න..


පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබල කරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එච්. ඒ. එම්. රිප්ලාන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)