වහාම අගමැතිකම භාරගන්න..ජනපති ෆොන්සේකාට කියූදේ මෙන්න..

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sarath Fonseka
By Aruna Jun 08, 2022 12:01 AM GMT
Report

තමන් අගමැතිධුරය ප්‍රතික්ෂේප කළ නිසා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා..

“අගමැතිතුමා මට කිණ්ඩියකුත් දාලා කිව්වා මාව පාර්ලිමේන්තුවට ගත්තේ එතුමා කියලා.

ඔව් එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්තා. හැබැයි 2010දී අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්න කොට යුද්ධයට විරුද්ධව ලෝකෙ වටේ රට වටේ ගිහිල්ලා රටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධය දිනපු අයට තිබුණ ජයග්‍රහණය දැක්කාම මම ඇවිත් බෙල්ල තියපු හින්දා එතුමා මට කෙලෙහි ගුණ දැක්කුවා කියලයි හිතන්නේ.

ඒ නිසා එතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා.

මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා.

ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා.

හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now