දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කෙරේ..

Kalutara Sri Lanka Climate Change Weather
By Sewvandhi Jun 05, 2023 01:05 PM GMT
Report

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවය.

නිවේදනයට අනුව , අද රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව නිවේදනය කරයි. තවද සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසය.

මේ අතර දිස්ත්‍රික්ක 03ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලට එම නායයෑමේ අනතුරු ඇගවීම් බලපැවැත්වෙයි. එම කඳු ආශ්‍රිත ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවුහොත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now