හදිසි ජලගැලීමකින් 53ක් ජීවිතක්ෂයට(විදෙස්)

India
By Sewvandhi Oct 07, 2023 02:32 PM GMT
Report

ඉන්දියාවේ ඊසාන දිග සිකීම් ප්‍රාන්තයේ ඇතිවූ හදිසි ජල ගැලීම්වලින් සිදුවූ මරණ ගණන මේ වනවිට 53 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ජල ගැලීම්වලින් තවත් 140 දෙනෙකු අතුරුදන්ව ඇති අතර 6000 කට අධික පිරිසක් අවතැන්ව ඇති බවයි.

ජල ගැලීම්වලින් පීඩාවට පත්වී ඇති පිරිස 25,000 අධික ය. විපතට පත්වූ තවත් 10,000කට අධික පිරිසක් මුදා ගැනීමට සහන සේවකයින් සමත්වී තිබුණි.

සිකීම් ප්‍රාන්ත රජය පවසන්නේ එම ජල ගැලීම්වලින් නිවාස 1,173කට දරුණු ලෙස හානි සිදුවී ඇති බවය.

සිකීම් ප්‍රාන්තයට හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇති වූයේ ජලාශයක වාන් දොරටු විවර කිරීමත් සමග ටීස්ටා නදියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙනි.