ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙක් නිසා සිදුවූ දේ (VIDEO)

South Korea
By Sewvandhi May 26, 2023 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු කොරියාවේ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ, Asiana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Daegu ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකුයි.

මගීන් 194 දෙනෙකු මෙම යානයේ සිට ඇති අතර බොහෝ පිරිසකට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර 30 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්පසුව අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now