එංගලන්තයේ ගුවන් ගමන්වල ප්‍රමාදයක්.

England World
By Hashini Aug 29, 2023 08:55 AM GMT
Report

එංගලන්තයේ ගුවන් ගමන් පාලක පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් ගුවන් මගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්ව තිබෙනවා.

හීත්‍රෝ සහ ගැට්වික් ගුවන් තොටුපළ සිට ගමන් කරන සහ පැමිණෙන ගුවන් යානා එලෙස ප්‍රමාද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්තයේ සිට පියාසර කිරීමට තිබු ගුවන් වාර 3049ක් මෙන්ම එරටට පැමිණීමට තිබු ගුවන් වාර 3054ක් මෙලෙස ප්‍රමාද වී ඇති බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම කාර්මික දෝෂය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.