22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් පත් කෙරේ
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලට අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ඇතුළත් වෙති.
අදාළ පෙත්සම් සැප්තැම්බර් 1 වැනි අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබේ.
විශේෂයෙන් අධිකරණ ක්ෂේත්‍රයට අදාළව යෝජිත වෙනස්කම් ඇතුළු කරුණු හේතුවෙන් 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත නීතිමය මෙන්ම දේශපාලනික වශයෙන්ද විවාදයට ලක්ව තිබේ.
මේ අතර, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීරණයට රජය අවනත වන බව රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබේ.