ලොව විශාලතම මාළු ටැංකිය පුපුරා ගිහින් - එහි සිදු වූ සංවේදී පුවත..
බර්ලිනයේ Radisson Blu හෝටලයේ ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් ඇත.
ඒ හේතුවෙන් අදාළ හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඉකුත් 16 වැනිදා මෙලෙස පුපුරා ගිය මෙම මාළු ටැංකිය ඇක්වා ඩෝම් ලෙසින් හැඳින්වෙන අතර එහි මසුන් එක් දහස් පන්සීයක් පමණ සිට ඇති අතර එය උසින් මීටර් 15.85 (අඩි 52)ක් වේ.
මෙම දැවැන්ත මින් මැදුර ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස වාර්තා පොත්වලට ඇතුලු වූවකි.
මින් මැදුර පුපරා යාමෙන් පසු එහි තිබූ වීදුරු ප්‍රදේශය පුරා විසිරී යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ජර්මානු පොලිසිය ප්‍රකාශ කළේ ය.
එහි සිටි මත්ස්යයන්ගෙන් අතිමහත් බහුතරයක් මිය ගොස් ඇති අතර සීතල කාලගුණය එම මත්ස්‍යයන්ගේ දිවි ගලවා ගැනීමේ උත්සාහය වඩාත් දුෂ්කර වීමට හේතූ වී ඇත.
කෙසේ නමුත් ඉන් මුදාගත් මත්ස්‍යයින් වෙනත් ආරක්ෂිත මින් මැදුරක තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |