තරුණ තරුණියන් වශී කරමින්..මෙරට නිපදවූ ප්‍රථම විදුලි යතුරු පැදිය ළඟදීම වෙළඳපොළට..(PHOTOS)

Technology sri Lanka Electric bike Sasiranga De Silva
By Sewvandhi Feb 12, 2022 03:28 AM GMT
Report

ශ්‍රී ලාංකීය තරුණයෙකු මෙරට ප්‍රථම වරට විදුලි යතුරුපැදියක් නිෂ්පාදනය කර තිබෙනවා.

සසිරංග ද සිල්වා වන ඔහු විසින් මීට පෙර ඉන්ධන නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ තරුණයෙක් වනවා.

විදුලි යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කළහොත් කිලෝමීටර 120 ක සම්පූර්ණ දුරක් ධාවනය කළ හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර 110 කින් සමන්විත බවයි ඔහු පැවසුවේ.

යතුරුපැදියේ බඳ, චැසිය සහ විදුලි උපාංග දේශීයව නිෂ්පාදනය කර ඇති බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

යතුරුපැදිය 2022 අගෝස්තු මාසය වන විට වෙළඳපොළට පැමිණීමට අපේක්ෂා කෙරෙන අතර යතුරුපැදියේ මිල මෙතෙක් අනාවරණය වී නැහැ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery