රතිඤ්ඤා සහ ගිනිකෙළි වෙනත් අවුරුදු වලට වඩා මෙවර අඩු විමට මොකද වුනේ...

Kibulapitiya Gagana news Firecrackers and fireworks
By Subodha Apr 11, 2022 05:39 AM GMT
Report

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ  රතිඤ්ඤා සහ ගිනිකෙළි අලෙවිය විශාල වශයෙන් අඩු වී ඇති බව කිඹුලිපිටියේ පාරම්පරික සුළු හා මධ්‍ය පරිමාණ ගිනිකෙළි කර්මාන්තකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර එම නිෂ්පාදනවල මිල ඉහළ යාම මෙන්ම ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා ද හමුවේ තම නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි.

මීට පෙර අවුරුදු සමයන්වල ගිනිකෙළි සහ රතිඤ්ඤා මිල දී ගැනීමට පිට පළාත්වලින් විශාල වශයෙන් කිඹුලාපිටියට පැමිණිය ද මෙවර ඔවුන්ගේ පැමිණීම ද සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now