රත්මලාන මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
Fire
Accident
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.
දෙහිවල ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ, අදාළ මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ දෙකක් වහාම ස්ථානය වෙත යොමු කර තිබූ අතර, ගිනි නිවන භටයන්ගේ මැදිහත්වීමෙන් ගින්න සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව එම ඒකකය ප්‍රකාශ කළේය.
ගින්නෙන් සිදුවූ දේපළ හානිය හෝ පුද්ගල හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, ගින්න හටගැනීමට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.