කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්
Kalutara
Fire
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක අද (13) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ.
පෙරවරු 8.30ට පමණ ගින්න හටගෙන ඇති අතර, එම ගින්න හේතුවෙන් විදුලි පද්ධතියට හානි සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ස්ථානයට පැමිණ ගින්න සාර්ථකව මැඩපවත්වා තිබේ.
ගින්න හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වී ඇති බව ද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.