ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් - කෝටියකට අධික අලාභයක්.
Sri Lanka
Fire
By krishani
වාද්දුව - මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්රදර්ශනාගාරයක ගින්නක් හටගෙන ඇත.
මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ගොස් ඇත.
එමගින් විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශ වී ගිය අතර කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.
ගින්න ඇතිවීමත් සමගින් එහි තිබූ රෙදිපිළි විශාල ප්රමාණයක් එහි සේවකයින් පිටතට රැගෙන ගොස් තිබූ අතර විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැක කරයි.
ගින්නෙන් සිදුව ඇති දේපළ හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ.
වාද්දුව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |