මුදල් ආරවුලක් දුරදිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් - ගෙයකටත් ගිනි තියලා..

Sri Lanka Fire
By krishani මාස 2 කට පෙර
Report

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇත.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැත.

ඊයේ (17) පස්වරුවේ පානදුර ජනප්‍රිය මාවතේ දී මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

එයින් පහරකෑමට ලක් වූ දෙදෙනෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසූ අතර එම පහරදීම මුල්කර ගනිමින් ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාඳුනන පිරිසක් පහරදීම සිදුකර එහි තුන්වන මහලේ නිවසකට ගිනි තබා ඇති බව කළ පරීක්ෂණවල දී තහවුරු වී ඇත.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇත.

තුවාලකරුවන් පානදුර මුලික රෝහල් නේවාසිකව ප්‍රථිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join