හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය යයි..

Fire Accident Death
By Aruna Jan 02, 2024 02:15 AM GMT
Report

මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තාවනවා.

මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන ඇති බවයි,පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ.

ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ. පොලීසිය පැවසුවේ, ඔවුන් මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියාවේ නිරතව සිට ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.