කොළඹ ගින්නක්..වහාම ගිනි නිවීමේ රථ 4ක් යවයි.(VIDEO/PHOTOS)

Accident Sri Lanka Fire accident Mattakkuliya factory
By Aruna Dec 28, 2021 08:35 AM GMT
Report

මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු වැඩපළක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇත.

මෙම ගින්න අද දහවල් 12.00ත් 12.30 අතර කාලයේ හට ගෙන ඇති බවත් ගින්නට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය කර ගෙන නොමැති බවත් එම ස්ථානයේ විශේෂ නියෝජිතයෙකු අප සමග කියා සිටියා.

මෙම බෝට්ටු නිෂ්පාදන අංගනය ධීවර අමාත්‍යයංශ යටතේ ක්‍රියාත්මක වන එකක් බවත්, ගින්න හේතුවෙන් කිසිවෙකුගේ ජීවිත හානියක් සිදුව නොමැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මේ මොහොතේ ගගන විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිටින අතර එහිදී අප වෙත ලැබුණු දර්ශණ පහත වීඩියෝ වෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery