ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලඟ විශාල ගින්නක්..(PHOTOS)
Accident
Fire accident
Dabulla economy center
By Aruna
ආර්ථික මධ්‍යස්ථානයේ හටගත් ගින්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආසන්න තොග වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
තොග වෙළෙඳසැලේ ඊයේ (05) මධ්‍යම රාත්‍රී හටගත් ගින්න අද (06) අලුයම වන විට පාලනය කළ බව පොලීසිය පැවසුවේය.
දඹුල්ල මහ නගර සභාවේ සහ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථ යොදා ගනිමින් ගින්න මැඩ පවත්වා තිබේ.
ගින්නෙන් වෙළෙඳසැලට සහ දේපළවලට දැඩි හානි සිදුව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


