ලෝකෙ සතුටින්ම ඉන්නෙ කවුද කියලා දන්නව ද?. 07 වෙනි පාරටත් එක දිගට අංක 01..

Finland Latest Headlines Decision Making
By krishani Mar 30, 2024 04:32 PM GMT
Report

ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් අඛණ්ඩව 7 වැනි වරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පළමු ස්ථානයට ෆින්ලන්තය පත්ව තිබෙනවා.

ලෝකෙ සතුටින්ම ඉන්නෙ කවුද කියලා දන්නව ද?. 07 වෙනි පාරටත් එක දිගට අංක 01.. | Finland Is The Happiest Country In The World

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.

ඔවුන් සඳහන් කළේ මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් 130කට වැඩි සංඛ්‍යාවක දළ දේශීය නිෂ්පාදනය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්නභාවය, නිදහස, ත්‍යාගශීලිත්වය, දූෂණ සහගත නොවීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කළ බවයි.

මෙම ලැයිස්තුවේ පළමු රටවල් 10 බොහෝ දුරට සෑම වසරකදීම නොවෙනස්ව පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සඳහන් කළේ ය.

නමුත් 11 වැනි ස්ථානයේ සිට ඉහළට වෙනස්කම් පවතින බව ඔවුන් කියා සිටියේ ය.

මේ අතර, ලෝකයේ සතුටින්ම සිටින රටවල් 10 වන්නේ,

1. ෆින්ලන්තය.

2. ඩෙන්මාර්කය.

3. අයිස්ලන්තය

4. ස්වීඩනය

5. ඊශ්රායලය

6. නෙදර්ලන්තය

7. නොර්වේ

8. ලක්සම්බර්ග්

9. ස්විස්ටර්ලන්තය

10. ඔස්ට්‍රේලියාව 

යන රටවල් වේ.

කෙසේ වෙතත්,ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වන්නේ 129වැනි ස්ථානයේ වේ.