නිල නිවාස වල හොරට සිටි මන්ත්‍රීවරු 8ක් - රුපියල් 500 දඩේ ලක්ෂ 10 වෙලා..තවත් මගඩියක් එළියට..

parliament Mp Katta Madhivela Official quarters
By Sewvandhi Feb 05, 2022 07:02 AM GMT
Report

පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පැරදුණු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා රැඳී සිටීම නිසා අය කෙරුණු දඩ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

අනවසරයෙන් රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500කි. මේ අනුව මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන දඩ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්නය.

එම පැරදුණු මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් පසුකාලීනව ඉවත්ව ගොස් ඇතත් ඒවායේ අනවසරෙන් රැඳී සිටි කාලයට අයකෙරෙනු දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත් දඩ මුදල වහාම ගෙවන්නැයි සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් ඔවුන් එම ගෙවීම් මේ දක්වාම කර නැති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

දඩ මුදල් ගෙවීම මෙසේ පැහැර හැර මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ අයද වෙති. මැතිවරණවලින් පරාජය වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වල නිත්‍යානුකූලව රැඳී සිටීමට අවසර ලැබෙන්නේ මැතිවරණය පැවැත්වෙන දින සිට මාසයක පමණ කාලයක් පමණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now