පහත දැමු දඩ මුදල..

Dollar to Sri Lankan Rupee Parliament of Sri Lanka Sri Lanka Passport Dollars
By krishani May 30, 2023 01:16 PM GMT
Report

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරිමට අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් ය.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව වීසා කාලය දීර්ඝ කරගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින හතක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සඳහා දඩ මුදල් අය කිරිමක් සිදු නොකෙරෙයි.

එමෙන්ම අතිවාස කාලසීමාව දින හතකට වැඩි සහ දින 14 ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250 ක දඩ මුදලක් අය කෙරෙයි.

තව ද දින 14 කට වැඩි කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමට ප්‍රතිපාදන සකස් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join