අද සිට GovPay හරහා දඩ ගෙවීම්
Latest Headlines
Sinhala news
NPP Government
Puwath.lk
GovPay
By Shehan
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට GovPay හරහා ස්ථානීය දඩ අයකරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇත.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.
එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වන විට පුහුණුව ලබාදී ඇති බවත්, අද දිනයේ රථවාහන පොලිසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම හේතුවෙන් මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.