විඳව විඳව ලෙඩ වෙන්නේ නැතිව මේ විදිහට විඳින්න පුරුදු වෙන්න.

Sri Lanka
By Wayomi Jun 03, 2022 04:10 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සතුට කියන දේ විදින්න අපිට සල්ලි තියෙන්නම ඕන නෑ . සල්ලි විතරක් හොයලා ඇති වන සතුට වගේ නෙවෙයි..සතුට තියෙන ඔබේ මනස. ඒ නිසා පුංචිම දෙකින් හෝ ඔබේ මනස සතුටු කරන්න පුළුවන්. නැති දේවල් හෝ නැති වුණ දේවල් ගැන හිත හිතා විඳවන්න එපා. වැඩිපුරම අපේ අය විදවන්නේ නැති වූ දේවල් ගැන හිතලා. ඔබ හිතින් ඒ ගැනම හිතලා විදවන්න ගියොත් මානසිකව විතරක් නෙවෙයි කායිකවත් දුර්වල වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඔබට නොවැළඳුණු රෝග බාධා පවා හැදිලා කායිකවත් දුක් විදින්න සිදු වන බව.

විඳව විඳව ඉන්නේ නැතිව ජීවිතයේ සතුට හොයන හැටි

💛 සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.

💜️ හොඳට සවන් දෙන්න.

💛 බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න.

💜️ සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න, ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න.

💛 වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි, වෙනස් විදියකට ඔබ ගැන හිතන්න.

💜️ අතීතයේ ජීවත් වීම නවත්වන්න.

💛 දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න.

💜️ වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න, ඔබට ආදරය කරන්න.

💛 ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න. ඔබටම ආවේණික වූ අනන්‍යතාවයක් හදාගන්න.

💜️ ඔබේ පාටට, රූපෙට වෛර කිරීම නවත්වන්න.

💛 තනිවම සතුටින් සිටින්න.

💜️ හිත නිවෙන සංගීත රසාස්වාදය විදින්න.

💛 සමාව දීමට ඉගෙන ගන්න.

💜️ තම අතින් සිදු වන වැරදි පිළිගන්න.අයෙත් නොවෙන්න වැරැද්ද හදාගන්න.

💛 නිහඬතාවයට බිය වීම නවත්වන්න.

💜️ අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.

💛 මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න. ඔවුන්ට යන්න දෙන්න. කිසිම දෙයක් බලෙන් තියාගන්න බෑ හිත කියන දේ තත්පරෙන් තත්පරේ වෙනස් වන දෙයක්.

💜️ කැමති ඇඳුමක් අඳින්න.

💛 සමාජ මාධ්‍යයට ඔබේ වටිනාකම තීරණය කරන්න ඉඩ නොදෙන්න. ඔබ සමාජ මාධ්‍ය විශ්වාස කරන එක නවත්වන්න.

💜️ ඔබේ FB Story බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.

💛 Like මදි නිසා post delete කිරීම නවත්වන්න.

💜️ පරණ messages බැලීම නවත්වන්න.

💛 එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.

💜️ නිතරම විහිළුවක් තහළුවක් කරගෙන ඉන්න යාළුවන් හෝ කතාබහ කරලා සතුටින් ඉන්න පුළුවන් අයව ආශ්‍රය කරන්න.

💛 හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.

💜️ කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.

💛 අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළම එල්බගෙන ඉන්න එපා.(මොකද බලාපොරොත්තු සුන් වුණොත් දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, ජීවිතේ පවා නැති කරගන්න උත්සහ කරනවා)

💜️ හොඳ නින්දක් ලබා ගන්න.

💛 ඔබ ආස දේවල් ඉගෙන ගන්න.

💜️ මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න.ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සුදුසු නැත.

💛 වෛර නොකරන්න.

💜️ හැමෝටම එක වගේ සෙනෙහස, කරුණාව දක්වන්න.

💛 අසරණ මිනිසුන්ට ආදරේ කරන්න, උදව් කරන්න.

💜️ යාළුවොත් එක්ක ඇවිදින්න යන්න, trip එකක් යන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW