පවතින ආපදා තත්ත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය
G.C.E.(A/L) Examination
Grade 05 Scholarship examination
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග කල් දමන්නේද යන්න පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (05) පැවැත්විණි.
එහිදී, මේ වන විට විභාග පැවැත්වීමට බාධාවක් වන මට්ටමේ ආපදා අවදානමක් නොපවතින බවට තක්සේරු කිරීමෙන් අනතුරුව, විභාග දෙකම නියමිත දිනවල පරිදි පැවැත්වීමට තීරණය කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බව වාර්තා වේ.