තුන්කොන් තරගාවලියේ අවසන් මහා සටන ඇරඹේ - කාසියේ වාසිය පාකිස්තානයට - මුලින්ම පිත්ත ලංකාවට
2026 පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායක ශහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේය.
තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ අරමුණින් කණ්ඩායම් දෙකම අද තරගයට එක්වන අතර, අවසන් මහා තරගය ජයගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්රනාන්දු, කමිඳු මෙන්ඩිස් , කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා) , පවන් රත්නායක , සහන් ආරච්චිගේ , ජනිත් ලියනගේ , දසුන් ශානක , දුනිත් වෙල්ලාලගේ , මහීෂ් තීක්ෂණ , අසිත ප්රනාන්දු , දිල්ෂාන් මධුශංක
පාකිස්තාන කණ්ඩායම
ෆකාර් සමාන් , මාස් සදාකත් , බාබර් අසාම් , සාද් බයිග් (කඩුලු රකින්නා) , සල්මාන් අලි ආගා , හසන් නවාස් , අරෆත් මින්හාස් , ෆහීම් අෂ්රෆ් , ශහීන් ෂා අෆ්රිඩි (නායක) , නසීම් ෂා , හැරිස් රවුෆ්