ජලය පිරිසිදු කරන Natural Filter එක.

Agriculture Water And Action For Rural Development Sri Lanka
By Wayomi Jun 05, 2022 06:42 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ලොකුද පොඩිද කියලා භේදයක් නැහැ. ගොඩක් දෙනෙක් අතර දකින්න ලැබෙන රෝගයක් තමයි වකුගඩු අකර්මණ්‍ය වීම. මේකට එක එක හේතූ තිබුණට, වැඩිපුරම බලපාන්නේ වතුර බොන එක අඩු වීම සහ අපිරිසිදු වතුර බීම.  

විවිධ කර්මාන්ත වලින් නිකුත් වන අපද්‍රව්‍ය සහ කෘෂිකර්මාන්තයෙදී විවිධ රසායනික ද්‍රව්‍ය වතුරට මුසු වීම නිසා ජල මූලාශ්‍ර අපිරිසිදු වෙනවා. ඒවාට බැරලෝ එකතු වෙනවා. බැරලෝහ සුළු ප්‍රමාණයක් එකතු වුණත්, එය අපේ රෝගී බවට බලපානවා. වකුගඩු අකර්මණ්‍ය වීම විතරක් නෙවෙයි, අඩු රුධිර පීඩනය, අස්ථි දුර්වල වීම, අංශබාගය වැනි ලෙඩරෝග රැසක් හැදෙන්න පුළුවන්.

💧 හැබැයි ඔබ බොන වතුර එක හොඳින් පිරිසිදු කරලා බොන්න පුරුදු වෙන්න. ඒකට ඔබට පුළුවන් අඟුරු සහ ඉඟිනි ඇට යොදාගන්න. වතුරට අඟුරු කැබලි දැමූ විට වතුරේ තිබෙන කාබනික සංයෝග හා අඟුරුවල කාබන් අතර බන්ධන ඇති වෙලා කාබනික අපද්‍රව්‍ය අඟුරු කැබලි තුළට උරාගැනීම උරාගෙන වතුර පිරිසිදු කරනවා.

💧 එතකොට ඉඟිනි ඇට කියන්නෙත් ඉස්සර ඉඳන්ම අපේ ආච්චිලා සීයලා වතුර පිරිසිඳු කරන්න යොදාගත් ඇට වර්ගයක්. ඒ අනුව අතීතය වැව් වටා ඉඟිනි ගස් වැවුවේ ඉඟිනි ඇට වැවට වැටුණු විට වැව් ජලය පිරිසිදු වන නිසායි. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ජලය පවිත්‍ර කිරීමට යොදාගත් ඉඟිනි ඇට මගින් බැරලෝහ ඇතුළු අපවිත්‍ර කාරක පිරිසිදු කරන ආකාරය පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

💧 මෙම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව ජලයේ පවතින බැරලෝහ අයන සාන්ද්‍රණයන් 20% - 70% අතර අවශෝෂණය කරගැනීමෙන් ජලය පිරිසිදු කිරීමේ හැකියාව ඉඟිනි ඇට වලට පවතින බව සොයාගෙන තිබෙනවා.

💧 එම හැකියාව වෙනස් වෙන්නේ ජලයේ අඩංගු බැරලෝහ සාන්ද්‍රණය, PH අගය, උෂ්ණත්වය වැනි සාධකවල වෙනස්වීම අනුවයි. එමෙන්ම ඉඟිනි ඇටවල අඩංගු හයිඩ්‍රොසිල්, ඒමයිඩ් වැනි ක්‍රියාකාරී කාණ්ඩවලට ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාකාරිත්වය හෙවත් අපවිත්‍ර කාරක අවශෝෂණය කිරීමේ හැකියාව පවතින බව අනාවරණය කර ගැනුණා.  


 ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGallery