ජනප්‍රිය රැප් ගායක "ෆිල්ටි" අත්අඩංගුවට...

Panadura Fil T Rap singer Kesrlvaththa
By Sewvandhi Feb 21, 2022 09:50 AM GMT
Report

ජනප්‍රිය රැප් ගායකයෙකු වන "ෆිල්ටි" පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පැවති සිසු සම්මන්ත්‍රණයක් ආසන්නයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.   

එහිදී ෆිල්ටි නමැති ගායකයා විසින් අසභ්‍ය වචන භාවිත කරමින් කෑ ගසමින් ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට බාධා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අද දෙරණ වෙත පැවසීය.

එහිදී පොලිස් නිලධාරීන් පැළඳ සිටි මුව ආවරණයන් ඉවත්කිරීමටද සැකකාර රැප් ගායකයා උත්සහ කර තිබිණි. මේ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා සැකකාර ගායකයා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ෆිල්ටි නමැති රැප් ගායකයා පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද සිදුකර ඇප නියම කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now