පොහොර වෙනුවට ගොවීන්ට මුදල්

Mahinda Amaraweera Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Nov 18, 2022 10:42 AM GMT
Report

ලබන කන්නයේ සිට වෙළඳපලෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට රජයෙන් මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

පොහොර සමාගම්වල ප්‍රධානීන් සමඟ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ අතර,ලෝක බැංකුවේ ණය ආධාර යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක් ගොවීන්ට අලෙවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එලෙස ගොවීන්ට අලෙවි කරන පොහොරවල නියමිත බර ප්‍රමාණයන් නොමැති බවට ගොවීන් චෝදනා කරයි.

ඒ අනුව අනුරාධපුරය, මදුරුපිටිය, දුනුමඩලාව පොහොර ගබඩාවට ගෙනඑන ලද පොහොර මිටිවල බර අඩුවීම සම්බන්ධයෙන් ගොවීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now