පොහොර ගැන දැනුම්දෙන්න විශේෂ දුරකථන අංකයක්
Sri Lanka
Ministry of Agriculture
By Sewvandhi
යූරියා පොහොර සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳව විමසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
071 871 42 19 යන දුරකථන අංකය අමතා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාගෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මීට අමතරව, යූරියා පොහොර බෙදා හැරීමේදී ගොවිජන මධ්‍යස්ථානවල නිලධාරින් හා සේවකයින් ගොවිජනතාවට හිරිහැර වන අන්දමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට ඒ පිළිබඳව ද අදාළ දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |