පොහොර මිළ අඩු කෙරේ..

Mahinda Amaraweera Sri Lanka
By Sithumi May 16, 2023 10:28 AM GMT
Report

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බවයි.

එනම්, බන්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජයට අයත් පොහොර සමාගම් 02 විසින් පසුගිය මහ කන්නයේදී කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක් බැගින්වූ මිලකට අලෙවි කරනු ලැබීය. 

එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින්වූ මිලකට අලෙවි කරනු ලැබිණි. නමුත් මෙවර යල කන්නයේදී ගොවි නිෂ්පාදන වියදම් අඩුකිරීමේ අරමුණ ඇතිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

 ඊයේ (15) දිනයේ සිට බන්ඩි පොහොර රුපියල් 15,000ක මිලකට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලාසා තිබේ.

බන්ඩි පොහොර නිකුත් කිරීම අඛණ්ඩව ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් සිදුකරන අතර තමන්ට පහසු දිනයක බන්ඩි පොහොර මිලදීගැනීමට ගොවීන්ට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සලසා ඇත.

තමන්ට වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී කඩිනමින් ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
,,Join Now