දියණිය සහ පියාට වන අලි ප්‍රහාරයක්..පියා මියයයි..

Accident Death
By Aruna Apr 17, 2024 04:26 AM GMT
Report

සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62) හැවිරිදි පුද්ගලයකු වූ වනඅලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් එම පුද්ගලයාගේ දියණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ යතුරුපැදියෙන් ගල්ලෑව හන්දියේ සිට සිය නිවස බලා යමින් සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

සිද්ධිය සැලවීමත් සමග අවට පිරිස් පුද්ගලයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඔහුගේ දියණිය අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති බවයි පැවසෙන්නේ.