ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්..!
CID - Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.
ඒ අනුව, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |