බුදුන් වහන්සේට සහ වෙනත් ආගම් වලට නිගරු කළ ෆාස්ටර් ජෙරම් රටෙන් පිටව යයි..!CID යෙන් විශේෂ පියවරක් ගනී.

CID - Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 16, 2023 02:03 PM GMT
Report

බුදුන් වහන්සේට සහ වෙනත් ආගමික විශ්වාසයන්ට නිගරු වන අන්දමින් මතභේදාත්මක දේශන සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now