පුංචි දරුවා පොළවේ ගසා අමානුෂික ලෙස පහර දුන් පාපතර පියා අනෙක් දරුවා පුළුස්සා දමයි..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අවිස්සාවේල්ල පොලීසිය විසින් තම කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදුන් පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.
මෙහිදී සැකකරු වයස අවුරුදු තුනහමාරක පමණ කුඩා දරුවා ඔසවා පොළොවේ ගසා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. දරුවන්ගේ මව විදෙස්ගතව සිටියදී සැකකාර පියා විසින් මෙම අමානුෂික පහරදීම සිදුකර ඇත.
දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා මේ වනවිට ළමා නිවාසයක රැඳී සිටී. සැකකාර පියා විසින් එක් දරුවෙකුගේ අත පුළුස්සා ඇති බවද දරුවන්ගේ මව පවසයි.
අදාළ කාන්තාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ සිටින තමන්ට මෙම දරුවන් සමඟ ජීවත් වීම සඳහා යම් උපකාරයකි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |