කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ වුහාන්හි සැබෑම තත්ත්වය ලොවට පෙන්වූ, මාධ්‍යවේදියාට වසර තුනකට පසු සිදුවූ දේ..

COVID-19 China
By Sewvandhi May 05, 2023 10:28 AM GMT
Sewvandhi

Sewvandhi

in චීනය
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වුහාන් හි කොවිඩ් -19 ව්‍යාප්තිය ලේඛනගත කළ මාධ්‍යවේදියා වසර තුනකට පසු නිදහස් කර ඇති බවයි.

බිහිසුණු ලෙස covid ව්‍යාප්තියත් සමග ඇති වූ ගෝලීය හදිසි තත්ත්වයේදී චීන බලධාරීන් සැබෑ තොරතුරු වසන් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ මධ්‍යම චීන නගරයේ සැබෑ තත්ත්වය පෙන්වන වීඩියෝ Fang Bin හුවමාරු කරගෙන තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ, රැඳවුම් භාරයේ සිටියදී Fang Binගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2020 මුල් භාගයේදී සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද ඔහුගේ වීඩියෝ මාරාන්තික වූ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් කළ අතර එය චීනයේ රාජ්‍ය මාධ්‍යවල ඉදිරිපත් කර ඇති දත්තවලට පරස්පර විරෝධී දත්ත වූ බවයි.

ඔහු පළ කළ එක් වීඩියෝවක, Fang Bin රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් පිරී ඇති රෝහල් කොරිඩෝව පෙන්වා තිබෙනවා. එහි එක් කොටසකදී වෑන් රථයක ගොඩගසා ඇති මියගිය පුද්ගලයන්ගේ සිරුරු පෙන්වා ඇති අතර එය ලොව දැඩි කතාබවට ලක්වූවක් වුණා.

වසංගතය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ පිරිසක් රඳවා තබාගෙන හෝ නඩු පවරා තිබේද යන්න බලධාරීන් කිසි විටෙකත් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ 120,000 ක් පමණ Covid රෝගයෙන් මිය ගොස් ඇතත්, විශේෂඥයින් විශ්වාස කරන්නේ සැබෑ දත්ත ප්‍රමාණයන් ඊට වඩා වැඩි විය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now