"අපි අසරණ වෙලා" පොහොර අර්බුධයෙන් අසරණ වුණු ගොවීන් දුක කියූ හැටි ... (EXCLUSIVe VIDEO)

srilanka Video fertilizer neluwa
By Sithumi Jan 11, 2022 04:01 PM GMT
Report

පොහොර අර්බුදය මතුවීමත් සමග නෙළුව,දෙල්ලව හා කඩිහිංගල තේ වගාකරන ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ගඟනට පැවසීය. 

මෙම හානිය සෘජු බලපෑම තේ වැවිලිකරුවන්ට ඉතා ප්‍රබලව දැනී ඇති අතර තේ ආර්ථිකය මත යැපෙන නෙළුවේ සමස්ථ ව්‍යාපාර ජාලයම බිදවැටීමක් ද මේ තත්වය හේතුවෙන් ඇති වී ඇත. හිනිදුම තවලම ප්‍රදේශයේ නමගිය හෝටල් හිමිකරුවකු වන ගඟසිරි හෝටලයේ හිමිකරු පවසන්නේ තේ ආර්ථිකයේ බිදවැටීම තම ව්‍යාපාරයට ද තදින් දැනී ඇති බවයි. ඒ හේතුවෙන් හෝටලයේ සේවකයන් ද සිමා කිරීමට ඔහුට සිදුව ඇති බව ඔහු අප සමඟ කියා සිටියා දෙල්ලව තේ සමිතියේ ලේඛම් ධුරය දරන ආර්.විජේවන්ත මහතා පවසන්නේ පොහොර අර්බුදය හේතුවෙන් තමන්ගේ ආදායම 60% කින් පමණ පහළ ගොස් ඇති බවයි. 

මේ නිසාම තේ ගොවීන් වෙනත් විකල්ප වගාවන් පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව ද ඔහු කියා සිටියා. පොහොර සහනාධාරය තිබු සමයේ ඇතැම් ගොවින් අනවශ්‍ය ලෙස ඉහළ මට්ටමින් පොහොර භාවිතයට පෙළබී සිටි බව ඔහු පිළිගන්නා අතර ඔහු දැන් ඉල්ලා අවශ්‍යය ප්‍රමාණයට සාධාරණ මිලකට රසායනික පොහොර ලබාදෙන ලෙසයි. 

මීට අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.



තේ වගාකරුවකු හා කිතුල් හකුරු වයපාරිකයකු ද වන කිරි මහත්තයා අප සමඟ පැවසුවේ, තේ වගාවේ ආදයම පහල යාමත් සමග තම හකුරු කර්මාන්තයද බිද වැටීමකට ලක්ව ඇති බවයි. බටුවන්ගල තේ දළු ප්‍රවාහන සංගමයේ සභාපති කීර්ති සම්පත් ප්‍රකාශ කරන්නේ තේ වගාවට රසායනික පොහොර අත්‍යවශ්‍යම බවයි.

මෙම අර්බුදයට පෙර දිනකට අමු දළු කිලෝ 1000ක් පමණ ප්‍රවාහනය කලත් දැන් එය 200 ට පමණ අඩු වී ඇති බවයි.තේ කර්මාන්ත ශාලාවන් සදහා ප්‍රමාණවත් දළු නොලැබීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ඔහු අප හා පැවසීය.ඩොලර් එකෙහි වටිනාකම ඉහළයාමේ වාසිය තේ ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් හා වගකිවයුතු පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now