නොගත් ණයක් ගෙවන්නයි ගෙදරට ආ ලියුම්..ගමක්ම කතා වන ලියුම.. (VIDEO)
Kurunagala
Bingiruya
Weerapokuna
Thalampola
house loan
By Sewvandhi
කිසිදා නිවාස ණයක් ලබාගෙන නොමැති ගම්වාසීන් පිරිසකට, හිඟ ණය වාරික ගෙවන ලෙස නිවාස අධිකාරිය ලිඛිතව දන්වා යැවීමේ සිදුවීමක් බිංගිරියෙන් වාර්තා වෙයි.
බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වීරපොකුණ තලම්පොල ගම්මානයේ පවුල් 6කට පමණ කුරුණෑගල නිවාස සංවර්ධන අධිකාරියෙන් මෙලෙස ණය සම්බන්ධ ලිපි ඇති බවට ගම්වාසීන් පැවසීය.
ඔවුන් පවසන්නේ 2019 වසරේ ලබා ගත් ණයක් ගෙවන ලෙස අදාළ ලිපිවල සඳහන් කර ඇති බවය.
කෙසේවෙතත් ගම්වාසීන් පවසන්නේ ණය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි ගාස්තු ගෙවා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ නමුත්, මේ දක්වා තමන් නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය ලබා ගෙන නොමැති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |