මිනිසුන් රවටා රැකියා දෙන බව කියූ ජාවාරම් කාරිය අල්ලයි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය සදහන් කළේ, විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් රුපියල් ලක්ෂ 81ක් වංචාකර සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන සැකකාරිය, ඊශ්‍රායලය හා කටාර් රාජ්‍යයේ සාත්තු සේවයේ සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 33 දෙනෙකුගෙන් මෙම මුදල් ලබාගෙන තිබූ බවයි.
එලෙස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හලාවත අධිකරණයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්ද ලැබුණු බව එම කාර්යාංශය පැවසීය.
ඒ අනුව හලාවත පදිංචි 45 හැවිරිදි සැකකාරිය නිකවැරටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |