වසර දෙකක් පුරාවට මිනිසුන් රවටා බෙහෙත් දුන් හොර දොස්තර

By Sewvandhi Jul 01, 2023 10:49 AM GMT
Report

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වසර දෙකක කාලයක් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදුන් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වාගෙන යමින් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදුන් මෙම පුද්ගලයා නම් දෙකකින් පෙනී සිට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨසයට ලද තොරතුරක් මත උපායදුතයෙකු යොදවා සිදුකළ වැටලීමේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ සැකකරු සතුව තිබී වෛද්‍යවරයෙකු බවට හැඟවෙන ව්‍යාජ මුද්‍රා, ලිපි ශීර්ෂ ඇතුලු ව්‍යාජ ලියකියවිලි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

55 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරු වෛද්‍යවරයෙකු වීමට කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයෙකු වන අතර ඔහු මීට පෙර වෛද්‍යවරයෙකු යටතේ සේවය කර ඇති අයෙකු බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.