මිනිසුන් රවටමින් වෛදය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය හොර දොස්තර සහ හෙදිය
පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිත කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වාර්තා විය.
අදාළ සැකකරු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර කල්ඉකුත් වූ ඖෂධත් ඒ අතර ඇති බව පොලීසිය පැවසීය.
වෛද්‍යවරයෙකුට තිබිය යුතු අවම සුදුසුකමක්වත් නොමැති පුද්ගලයකු මෙලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයින් දක්වා ප්‍රතිකාර ලබාදී තිබේ.
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත්තේ.
වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට වසර එකහමාරකට පමණ පෙර මියයෑමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ප්‍රතිකාර ලබාදී ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පමණක් සැකකරුට ඇති එකම සුදුසුකම බවට මේ වනවිට තහවුරුවී ඇති අතර චීනයෙන් උපාධියක් ලබාගත් බව පැවසුව ද ඒ බව තහවුරු කිරීම සඳහා සැකකරු අපොහොසත් වූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් හෙදියක් ලෙස කටයුතු කළ බවත් තවත් වරෙක ෆාමසියක කටයුතු කර ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.